latest articles

Let's learn about TCP/IP in sinhala

Networking part 03
TCP/IP lesson part 1
#Anonymous

TCP/IP යනු පරිගණක අතර සන්නිවේදනය කිරීම  වන නියමාවලි  කට්ටලයකි.
(TCP-Transmission Control Protocol/IP-Internet Protocol) නියමාවලියක් යනු  සන්නිවේදනය පාලනය කරන නීති හෝ ප්‍රමිතීන් වේ. ජාලයක උපාංග දෙකක් එකිනෙක හා  සන්නිවේදනය කළ යුතු නම්, ඔවුන් පොදු නියමාවලියක් (protocol)  භාවිතා කළ යුතුය.මෙය  මිනිසුන් කතා කරන ආකාරය සමඟ සැසඳිය හැකිය. වෙනත් භාෂාවක් කතා කරන නිසා ඉන්දියාවෙ  පුද්ගලයෙකුට  ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමඟ සන්නිවේදනය කළ නොහැකි ය.එම නිසා ඔවුන් දෙදෙනා පොදු භාෂාවක් භාවිතා කළ යුතුය.

ඔබේ ජාලයේ භාවිතා කිරීමට විවිධ ජාල නියමාවලි  තෝරාගත හැකිය, නමුත් TCP / IP යනු කර්මාන්ත ප්රමිතියයි(Industry Standard). සෑම මෙහෙයුම් පද්ධතියක්ම පාහේ TCP/IP සඳහා සහය දක්වයි. අන්තර්ජාලය TCP / IP මත ක්‍රියාත්මක වේ. TCP/IP  "අන්තර්ජාලයේ භාෂාව" ලෙසින්ද මෙම හේතු නිසා හදුන්වනු ලැබේ. ඔබ පරිගණකයක් අන්තර්ජාලය තුළ වැඩ කිරීමට අවශ්ය නම්, ඔබට TCP / IP භාවිතා කිරීමට සිදු වෙනවා.
--------------*****--------------

අපි බලමු මෙහි ඉතිහාසය පිළිබව

මෙය වර්තමානයේ අන්තර්ජාලයේ පුරොගාමියා  වූ ARPAnet,Advance Research Projects Agency  (ARPA) විසින් නිර්මාණය කරන ලද අතර, 1969 දී සීතල යුද්ධ(Cold War)සමයෙදී මෙය  දියත් කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර පැවති  අවිශ්වාසය නිසා එකල  පැවතුනෙ  න්‍යෂ්ටික යුද්ධයක්  අද්දරයි. සීතල යුද්ධය(Cold War) යනු 1945 සිට 1990 දක්වා කාලය තුළ එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර relationship එක  විස්තර කිරීමට යොදාගත් යෙදුම වේ. සෝවියට් සංගමය වෙතින් න්‍යෂ්ටික  ප්‍රහාරයක්   එල්ල වුවහොත් එයට මුහුණ දීමට්  ARPAnet නිර්මාණය කරන ලදි. ARPA හි මුලික ඉලක්කයන්ගෙන් එකක් වූයේ න්‍යෂ්ටික  යුද්ධයක් සිදු වුවහොත්  එක්සත් ජනපද යුධ නායකයන්ට සන්නිවේදනය කළ හැකි වැරදි වලින් තොර නිවැරදි   ජාලයක් නිර්මාණය කිරීමයි.

ARPAnet මත භාවිතා කරන ලද නියමාවලිය (protocol) වූයේ  ජාල පාලන නියමාවලිය (Network Control Protocol -NCP)වේ . කෙසේ වෙතත් ARPAnet වර්ධනය වූ විට, NCP හට විශාල ජාලයක අවශ්යතාවයන් සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා නව නියමාවලියක්  (protocol)  අවශ්‍ය විය.

1978 දී මෙම භාෂාවේ පරික්ෂා කිරීම හා වැඩිදුර වර්ධනය කිරීම නිසා සම්ප්‍රශන පාලන නියමාවලිය / අන්තර්ජාල නියමාවලිය (TCP/IP) ලෙස හැඳින්වෙන නියමාවලිය නව පරිච්ඡේදයක් කරා මෙහෙයවීය. 1982 දී ARPAnet හි සම්මත භාෂාව ලෙස NCP වෙනුවට TCP/IP වෙනුවට ප්‍රතිස්ථාපනය කරන ලදී.

ARPAnet විසින් 1990න් පසු නැවැත්වූයේ නැත. ARPAnet මුල්වලින් අන්තර්ජාලය වර්ධනය වී ඇති අතර, අන්තර්ජාලයේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට TCP / IP පරිණාමය වී තිබේ

--------------*****--------------
ගුණ දොස් බාර ගනිමි.😊😊

Read more

ලංකාවේ ISP ලා එකම public ip එක කිහිප දෙනෙක්ට assign කරනවාද?

Network Lesson 01
#නිපූ

ලංකාවේ ISP ලා එකම public ip එක කිහිප දෙනෙක්ට assign කරනවා.මේක හදුන්වන්නේ NAT444LSN/CGN ඒ කියන්නේ Carrier Grade Network සහ Large Scale Network Address Translation කියලා.ISP එහෙම කරන්න හේතුව තමා ඔවුන් සතුව තියන ip සීමිත වීම.ඒකට ඔවුන් කරන්නේ ඔවුන්ගේ පාරිභෝගිකයින් අතර private network එකක් හදලා ඒක public ipv4 එකකට නැත්නම් කීපයකට පරිවර්තනය කරනවා middlebox translation එකෙන් එතකොට මෙතනදී සාමාන්‍යයෙන් NAT එකකදී වෙන end to end principal break වෙනවා.ඒක හින්දා තමා අපේ කම්පියුටර් එකෙයි,google ගිහින් check කලාම ip දෙකක් පෙන්වන්නේ...😊😊..එතකොට අපේ public ip එක හරහා තව කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව නැති වෙනවා.ඒකත් එක අතකින් හොදයි..(හැක් කරන්න අමාරැයි 😂😂🔫🔫 ආසම සබ්ජෙක්ට් එක..)හැබැයි මේ වගේ network එකක network realiability එක අඩු වෙනවා..SLT උනත් මුලදී එක එක්කෙනාට dynamic IP ලබා දෙද්දී අවස්ථානුකූලව Unique IPs ලබා දුන්නත් පාරිභෝගිකයින් වැඩි නිසා CGN කරනවා,හැබැයි අපි ඉල්ලුවොත් මේ CGN එකෙන් අයින් කරනවා..(එදා වින්චෙස්ටර මලයා #frostbite ඇහුවේ ඕක ගැන 😉😉)Etisalat,Mobitel,Hutch හා අනෙකුත් mobile network අපිව සම්බන්ද කරන්නේත් මේ CGN එක භාවිතා කරමින්,අපිට ඕනේ නම් static IP එකක් මිළදි ගන්න පුළුවන් ලංකාවේ රුපියල් 1500ක් වගේ වෙන්නේ..අපි static IP එකක් ගත්තොත් අපිට පුළුවන් අන්තර්ජාලයට විවෘත උන server එකක් පවත්වා ගන්න.ඒ කියන්නේ end to end සම්බන්දතාවක් පවත්වා ගන්න පුළුවන්.ඒත් ලංකා බෙල් dynamic IP දෙන හැමෝටම Unique IP එකක් ලබා දෙනවා එයාලත් පාරිභෝගිකයන් වැඩි වෙද්දී CGN /LSNභාවිතා කරන්න ඉඩ තියනවා.මේ ඔක්කොටම හේතුව ලෝකයේ IPv4 ලිපින සියල්ලම විකුණා ඇති නිසයි. ARIN සතුව තව ඇත්තේ IP block කිහිපයක් පමණයි.IPv4 භාවිතා කරනු ලබන්නේ 32bit තිස් දෙවනි බලයකි ඒ කියන්නේ ,theoratically  IP Address 4,294,967,296 ගනණක් මේක මදි නිසා තමා 128bit IPv6 ආවේ..මේක්ව්ව් IP ගාන අහන්න එපා.මොකද ලෝකේ ඉන්න හැම සතා සිව්පාවෙක්ටම ip එකක් දෙන්න මේකෙන් පුළුවන්... ආසාව වැඩිකමට ටයිප් කලා වැඩිද මන්දා phone එකෙන් ටයිප් කලේ ඇගිළිත් රිදෙනෝ..😂😂😂

හොද නරක comment කරන්න..

Read more

Dark web/Deep web learning


Network Lesson 02
#නිපූ

අන්තර්ජාලය ගැන අපි හැමෝම දන්නවා වගේම පාවිච්චි කරනවනේ ඉතින් කාලයත් එක්ක මිනිසුන්ට ප්‍රශ්නයක් ආවා තමන් අන්තර්ජාලය  තුල සිදු කරන දේවල්  තවත් කෙනෙකුට ලබා ගැනීමට ගැනිමට පුලුවන්ද?අන්තර් ජාලය  100%ක් පෞද්ගලිකත්වය සුරකිනවාද ?1990 ඇමෙරිකානු රජය  මෙය විශාල ගැටලුවක් ලෙස දැක්කේ.ඇමරිකානු නාවික හමුදාවේ සේවය කරන ලද ගණිතඥයින් පිරිසක් (Naval Research Laboratory-NRL)මේකට විසඳුමක් ලෙස අලුත් තාක්ෂණයක් වැනි වූ onion routing ක්‍රමවේදය හඳුන්වා දුන්නා.

Onion Routing කියන තාක්ෂණයෙන් සිදු වන්නේ ලූණු ගෙඩියක් සිවිය තිබෙන ආකාරයටයි.ඒ කියන්නේ අපි මොකක් හරි request එකක් අන්තර්ජාලය හරහා සිදු කලොත් එම request එක අදාල web site එකට යන්නේ විවිධ servers හරහායි.එතකොට අපේ ISP උනත් කොර වෙනවා අපිව track කරනව නම් 😂😂😂මොකද server එකෙන් server එකට අපේ IP එක වෙනස් වෙන නිසා..😂😂

            ---***---

"ප්‍රභවය සහ තොරතුරු ලබා ගන්නා අන්තය ,මධ්‍යස්ථ ස්ථානයකින් ලබා ගැනීමට නොහැකි ක්‍රමයක් නිර්මාණය කළ හැකිද ?" මෙය ඇමරිකාවට ආපු තව ප්‍රශ්නයක්,මෙයට විසඳුමක් ලෙස Overlay Network එක හදුන්වා දුන්නා.overlay Network කියන එක සරලවම කීවොත් එක Network එකක් උඩ තියන තව Network එකක්.

---****---
අප සාමාන්‍යයෙන් භාවිතා කරන අන්තර්ජාලය 1-5% අතර කියලා කලින් දාපු පොස්ට් එකෙන් දැනගන්න ඇතිනේ..deep web එක තමා 95-99% සම්පූර්ණ අන්තර්ජාලය තියෙන්නේ.surf web එකේ internet කියන වචනය වෙනුවට deep web එක තුළ හැදින්වුනේ darknet කියලයි.darknet එකට යන්න බෑ සාමාන්‍ය software එකකින් නැත්නම් web browser එක්කින් යන්න බෑ.
ඒකට වෙනම software එකක් නැත්නම් web browser එකක් ඕනේ.ඒ වගේම අපි යන web site එකට විශේෂ අවසරයක් ඔනේ.ඒ කියන්නේ ඇමරිකානු රජය හදනවා system එකක් සාමාන්‍ය ජනතාවට භාවිතා කරන්න බැරි,අවසරලත් පුද්ගලයන්ට පමණක් භාවිතා කල හැකි network එකක්..
ඊට පස්සේ කාලෙක ඇමරිකානු රජය මේ onion routing system එක ජනසතු කරනවා.මේ deep web එකට යන්න විශේෂිත උන software  එකක් ඕනේ.මේකට NRL එකෙන්ම හදනවා web browser එකක් TOR කියලා.මේක හදන්න අරං තියෙන්නේ Mozilla Firefox එකේ codes මයි.(දැන ළමයෙක් ලීවොත් web browser එක්කට උදාහරණයක් විදියට TOR කියලා තඩි වැරදි දාන්න එපා ඈ 😋😋)
ඕනේ කෙනෙක්ට මේ tor web browser එක හරහා deep web එකට යන්න පුළුවන්..deep web කියන්නේ නීතිවිරෝධී තැනක් නෙමේ.අපි ඕනේ කෙනෙක්ට මේකේ එක එක දෙවල් කරන්න පුළුවන්(පස්සේ වෙනම කියන්නම්)

ඒත් ඕනේම දේක නරක පැත්තක් තියනවනේ,මේක සමාජ ගත කලාට පස්සේ පිස්සු Hackers ලයි,එක  එක විකෘති ආශාවන් තියන මිනිස්සුයි එකතු වෙලා තමන්ගේ නරක වැඩ වලට මේක යොදා ගත්තා.
---*****---
Tor එක භාවිතා කරන එක 100% ක් ආරක්ෂිතද?
ඔව් වගේම නෑ කියන්නත් පුළුවන්.තමන් deep web එකේ භාවිත කරන site අනුව තමා මේක තීරණය වෙන්නේ.

තව විස්තර ඕනේ නම් කියන්න පස්සේ ඉඩ තියන වෙලාවක දාන්නම්..

Read more

Download playstore paid apps for free....

Play store එකේ සල්ලි දීල ගන්න තියෙන ඇප් නොමිලේ බාගමු...

අද මමඔයාලට ගෙනාව play store paid ඇප් නිකන් බාගන්න පුළුවන් ඇප් එකක් මේකේ නම Black Mart...මේකේ හැම ඇඔ එකම තියනවද කියල ඔයාලම බලන්නගහරි ඔය පල්ලෙහා තියෙන්නේ ලින්ක් එක.
මෙන්න ඇප් එක ගන්න
Black Mart



හොදනම් comment දාලම යන්න හොදේ...
Read more

මොනාද මේ Ransomware

Ransomware කියන වෛරස් එක හදලා තියෙන්නේ අපේ වැදගත් ෆයිල්ස් Automatically Encrypt වෙන විදියට. සමාන්‍යයෙන් Files Encrypt කරන්නේ ඒ ෆයිල් එකේ ආරක්ෂාව වැඩි වෙන්න. අපි File එකක් Encrypt කරාට පස්සේ ඒක නැවතත් යථා තත්වයට අරගෙන පාවිච්චියට ගන්න නම් අපිට Encrypt එකට අදාළ Decryption Key එක අවශ්‍ය වෙනවා. නමුත් මේ "Ransomware" කියන වෛරස් එක අපේ පරිගණකයකට ආසාධනය වුනොත්, අපට නොදැනුවත්ව අපේ Files ඉතාමත් වේගයෙන් ස්වංක්‍රීයව Encrypt වීගෙන යනවා, නමුත් නැවතත් ඒ Files යථා තත්වයට පත්කරගැනීමට අවශ්‍යවෙන Decryption Key එක අපේ අතට ලැබෙන්නේ නැහැ, ඒ වෙනුවට ඒ Decryption Key අදාළ Ransomware එක නිර්මාණය කළ පුද්ගලයා (Hacker) අතට තමයි යන්නේ.  ඊට පස්සේ අපේ අර Files ටික නැවත ලබාගැනීමට අවශ්‍යනම් අපට සිද්ධවෙනවා අදාළ වෛරස් එක නිර්මාණය කරපු කෙනාට  මුදල් ලබාදෙන්න.

මේ Ransomware ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.

01.Encryption Ransomware


මේකෙන් අපේ Hard Disk වල තියන User Files හැම එකක්ම Automatically Encrypt කරනවා.. ඒ User Files හැම එකටම අදාළ Decryption Keys ටික, වෛරස් එක නිර්මාණය කරපු අයට යවනවා.

02.Locker Ransomware


මේ වර්ගෙ ransomware වලින් කරන්නේ අපේ Operating System එක තාවකාලිකව Lock කරන එක.. අදාළ කප්පම් මුදල ලබාදෙන තුරු අපට අපේ පරිගණකය ON කරගන්න බැරි වෙනවා.. නමුත් මෙයින් අපේ User Files කිසි දෙයක් Encrypt වෙන්නේ නෑ, සරලවම කිව්වොත් Operating System එකේ Boot Settings වෙනස් කරලා පරිගණකය ON වෙන එක වළක්වනවා විතරයි.


සියලුම Microsoft Windows සංස්කරණවලට මේ Ransomware එක ආසාධනය වීමේ ඉඩකඩ තියනවා. මෑතකදී මේ විදියට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන Ransomware එක නිර්මාණය වුනේ ඇමරිකාවේ National Security Agency එකෙන් Leak වුනු Program එකක තිබුණු දුර්වලතාවයක් නිසා කියලා තමයි මේ පිළිබඳ පර්යේෂණ කරන අයට අනාවරණය කරගන්න පුළුවන්වෙලා තියෙන්නේ. ඒත් නිසි ලෙස යාවත්කාලීන කරන ලද පරගණක වලට මේකෙන් වෙන ප්‍රශ්නය අඩුයිලු. සති දෙකක් වගේ කාලයක් ඇතුලත ව්‍යාප්ත වෙන්න පටන්ගත්තු මේ Ransomware වෛරස් එක අද වෙනකොට ලෝකයේ රටවල් 99ක පරිගණක පද්ධති වලට ආසාධනය වෙලා තියනවා



Read more

Huawei-Android 7.0 Nougat

 කාලෙකින් Huawei Y3ii ෆෝන් පාවිච්චි කරන අයට වැදගත් පෝස්ට් එකක් ගෙනාවා.ඔයාලා දන්නවා ඇති ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම මෙහෙයුම් පද්ධතිය ගැන Android 7.0 Nougat ක් මේක ගොඩක් වැදගත්,අලුත් features ගොඩාක් එක්ක ආපු මෙහෙයුම් පද්ධතියක්.අපි බලමු මේ මොනාද කියල,

-Doze Mode 2.0
-Android Nougat VR (Virtual Reality)
-Multi-window support
-Direct Reply Notifications
-3D Touch support
-New quick settings menu
-Android Nougat multi-tasking
-Unicode 9 support
-Comes with the Android Pay feature
-A more efficient management of RAM.
-Support for fingerprint identification.
-Overall smoother, more powerful and faster computing experience.
-An overhauled Android extension pack and OpenGL 3.1 support.
-A smarter notification bar
-Updated protection against device vulnerabilities and malware with the new SELinux enforcing software.
මම මේවා එකින් එක ගැන විස්තර දාන්න යන්නේ නෑ එහෙම ඕනේ නම් කමෙන්ට් කරන්න. 

මේක දාන්න කලින්,
1.ඔයාගේ වැදගත් කරන,පෞද්ගලික  දත්ත backup කරලා තියාගන්න.
2.මේක දාන්න කලින් ඔයාගේ ෆෝන් එකේ බැටරිය 80% ක් වත් අඩුම තියෙන්න ඕනේ.ගොඩක් හොදයි චාර්ජ් කරලම කරන එක  නැත්නම් plug in කරලම වැඩේ  කරනව නම්.
3.ඔයාගේ ෆෝන් එක ROM එක දාද්දි stuck වෙනව වගේ නම්,wipe dalvik කරලා  wipe cache partition
දීලා ආපහු reboot කරන්න මොබයිල් එක.
4.මේක දාන්න කලින් USB Debugging මෝඩ් එක enable කරලා ඉන්න.
 මේ තියෙන්නේ ඔනේ කරන ෆයිල් ටික මේ ටික බාගන්න මුලින්ම.මේ තියෙන්නේ ROM ෆයිල් ටික.

Rom part 1
Rom part 2
Rom part 3

01.මේ ටික ඩවුන්ලෝඩ් කරලා මුලින්ම තනි ෆෝල්ඩර් එක්කට මේ ෆයිල් ටික දා ගන්න.ඊට පස්සේ පලවෙනි කොටස part 1 double click කරන්න ඊට පස්සේ ඕනේ ටික කම්පියුටරේ කරයි.හරි ඔයා ඔක්කෝම හරියට කරා නම් සම්පූරණ ROM.zip ෆයිල් එකක් හම්බ වෙයි.එහෙම නැතිව මැදින් error,corrupt එකක් ආවොත් ආය බාගත කරලා මුල ඉදන් පටන් ගන්න.😀😀😀😀

02.මේක කරන්න ROM Manager ඇප්  එකඔයාගේ ෆෝන් එකට ඕනේ.Google Play Store ගිහින් ROM Manager කියලා සර්ච් කරන්නකො.හරි ඒක ආවම ඒකත් ෆෝන් එකට install කරගන්න.ඊට පස්සේ ඔයා Clockwork Mod Recovery එකත් දා ගන්න ඕනේ.😉😉

03.ඊට පස්සේ ෆෝන් එක කම්පියුටරේට connect කරලා අර අපි හදා ගත්ත තනි ROM.zip ෆයිල් එක චිප් එකට කොපි කරගන්න.

4.හරි ඊට පස්සේ ROM Manager ඕපන් කරලා ඒකෙන් ෆෝන් එක restart කරලා,recovery mode එකට යන්න.ගිහිල්ලා ROM Manager එකෙන්  backup or restore all your information දෙන්න.

5.හරි ROM Manager එකේ ඉද්දිම complete data erase ( Delvik Cache ඇතුළුව ) මකලා දාන්න.ඊට පස්සේ Recovery Menu එකේ  තියන "Flash Rom from SD Card" තෝරලා අපේ ROM.zip ෆයිල් එක තියන තැන තෝරලා දෙන්න.හරි ඊට පස්සේ ඒක install වෙයි.දැන් ඔක්කොම හරි.ෆෝන් එක ආය reboot කරල පාවිච්චි කරල හොදයි නම් කියන්න..😊😊😊😊😊😊









Read more

Android Hacking

Android ෆෝන් Hack කරන්න ආස අය ඉන්නවා නම් comment කරමු බලන්න

*කෙනෙක්ට හොරෙන් phone numbers බලාගන්න

*කෙනෙක්ට හොරෙන් එයාගේ cam එකෙන් ෆොටෝ ගන්න වගේ දේවල්

කොටින්ම කීවොත් spy කරන්න

                               --------ආස අය ඉන්නවා නම් comment කරමු බලන්න---------
Read more