Let's learn about TCP/IP in sinhala

Networking part 03
TCP/IP lesson part 1
#Anonymous

TCP/IP යනු පරිගණක අතර සන්නිවේදනය කිරීම  වන නියමාවලි  කට්ටලයකි.
(TCP-Transmission Control Protocol/IP-Internet Protocol) නියමාවලියක් යනු  සන්නිවේදනය පාලනය කරන නීති හෝ ප්‍රමිතීන් වේ. ජාලයක උපාංග දෙකක් එකිනෙක හා  සන්නිවේදනය කළ යුතු නම්, ඔවුන් පොදු නියමාවලියක් (protocol)  භාවිතා කළ යුතුය.මෙය  මිනිසුන් කතා කරන ආකාරය සමඟ සැසඳිය හැකිය. වෙනත් භාෂාවක් කතා කරන නිසා ඉන්දියාවෙ  පුද්ගලයෙකුට  ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමඟ සන්නිවේදනය කළ නොහැකි ය.එම නිසා ඔවුන් දෙදෙනා පොදු භාෂාවක් භාවිතා කළ යුතුය.

ඔබේ ජාලයේ භාවිතා කිරීමට විවිධ ජාල නියමාවලි  තෝරාගත හැකිය, නමුත් TCP / IP යනු කර්මාන්ත ප්රමිතියයි(Industry Standard). සෑම මෙහෙයුම් පද්ධතියක්ම පාහේ TCP/IP සඳහා සහය දක්වයි. අන්තර්ජාලය TCP / IP මත ක්‍රියාත්මක වේ. TCP/IP  "අන්තර්ජාලයේ භාෂාව" ලෙසින්ද මෙම හේතු නිසා හදුන්වනු ලැබේ. ඔබ පරිගණකයක් අන්තර්ජාලය තුළ වැඩ කිරීමට අවශ්ය නම්, ඔබට TCP / IP භාවිතා කිරීමට සිදු වෙනවා.
--------------*****--------------

අපි බලමු මෙහි ඉතිහාසය පිළිබව

මෙය වර්තමානයේ අන්තර්ජාලයේ පුරොගාමියා  වූ ARPAnet,Advance Research Projects Agency  (ARPA) විසින් නිර්මාණය කරන ලද අතර, 1969 දී සීතල යුද්ධ(Cold War)සමයෙදී මෙය  දියත් කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර පැවති  අවිශ්වාසය නිසා එකල  පැවතුනෙ  න්‍යෂ්ටික යුද්ධයක්  අද්දරයි. සීතල යුද්ධය(Cold War) යනු 1945 සිට 1990 දක්වා කාලය තුළ එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර relationship එක  විස්තර කිරීමට යොදාගත් යෙදුම වේ. සෝවියට් සංගමය වෙතින් න්‍යෂ්ටික  ප්‍රහාරයක්   එල්ල වුවහොත් එයට මුහුණ දීමට්  ARPAnet නිර්මාණය කරන ලදි. ARPA හි මුලික ඉලක්කයන්ගෙන් එකක් වූයේ න්‍යෂ්ටික  යුද්ධයක් සිදු වුවහොත්  එක්සත් ජනපද යුධ නායකයන්ට සන්නිවේදනය කළ හැකි වැරදි වලින් තොර නිවැරදි   ජාලයක් නිර්මාණය කිරීමයි.

ARPAnet මත භාවිතා කරන ලද නියමාවලිය (protocol) වූයේ  ජාල පාලන නියමාවලිය (Network Control Protocol -NCP)වේ . කෙසේ වෙතත් ARPAnet වර්ධනය වූ විට, NCP හට විශාල ජාලයක අවශ්යතාවයන් සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා නව නියමාවලියක්  (protocol)  අවශ්‍ය විය.

1978 දී මෙම භාෂාවේ පරික්ෂා කිරීම හා වැඩිදුර වර්ධනය කිරීම නිසා සම්ප්‍රශන පාලන නියමාවලිය / අන්තර්ජාල නියමාවලිය (TCP/IP) ලෙස හැඳින්වෙන නියමාවලිය නව පරිච්ඡේදයක් කරා මෙහෙයවීය. 1982 දී ARPAnet හි සම්මත භාෂාව ලෙස NCP වෙනුවට TCP/IP වෙනුවට ප්‍රතිස්ථාපනය කරන ලදී.

ARPAnet විසින් 1990න් පසු නැවැත්වූයේ නැත. ARPAnet මුල්වලින් අන්තර්ජාලය වර්ධනය වී ඇති අතර, අන්තර්ජාලයේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට TCP / IP පරිණාමය වී තිබේ

--------------*****--------------
ගුණ දොස් බාර ගනිමි.😊😊

0 comments:

ලංකාවේ ISP ලා එකම public ip එක කිහිප දෙනෙක්ට assign කරනවාද?

Network Lesson 01
#නිපූ

ලංකාවේ ISP ලා එකම public ip එක කිහිප දෙනෙක්ට assign කරනවා.මේක හදුන්වන්නේ NAT444LSN/CGN ඒ කියන්නේ Carrier Grade Network සහ Large Scale Network Address Translation කියලා.ISP එහෙම කරන්න හේතුව තමා ඔවුන් සතුව තියන ip සීමිත වීම.ඒකට ඔවුන් කරන්නේ ඔවුන්ගේ පාරිභෝගිකයින් අතර private network එකක් හදලා ඒක public ipv4 එකකට නැත්නම් කීපයකට පරිවර්තනය කරනවා middlebox translation එකෙන් එතකොට මෙතනදී සාමාන්‍යයෙන් NAT එකකදී වෙන end to end principal break වෙනවා.ඒක හින්දා තමා අපේ කම්පියුටර් එකෙයි,google ගිහින් check කලාම ip දෙකක් පෙන්වන්නේ...😊😊..එතකොට අපේ public ip එක හරහා තව කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව නැති වෙනවා.ඒකත් එක අතකින් හොදයි..(හැක් කරන්න අමාරැයි 😂😂🔫🔫 ආසම සබ්ජෙක්ට් එක..)හැබැයි මේ වගේ network එකක network realiability එක අඩු වෙනවා..SLT උනත් මුලදී එක එක්කෙනාට dynamic IP ලබා දෙද්දී අවස්ථානුකූලව Unique IPs ලබා දුන්නත් පාරිභෝගිකයින් වැඩි නිසා CGN කරනවා,හැබැයි අපි ඉල්ලුවොත් මේ CGN එකෙන් අයින් කරනවා..(එදා වින්චෙස්ටර මලයා #frostbite ඇහුවේ ඕක ගැන 😉😉)Etisalat,Mobitel,Hutch හා අනෙකුත් mobile network අපිව සම්බන්ද කරන්නේත් මේ CGN එක භාවිතා කරමින්,අපිට ඕනේ නම් static IP එකක් මිළදි ගන්න පුළුවන් ලංකාවේ රුපියල් 1500ක් වගේ වෙන්නේ..අපි static IP එකක් ගත්තොත් අපිට පුළුවන් අන්තර්ජාලයට විවෘත උන server එකක් පවත්වා ගන්න.ඒ කියන්නේ end to end සම්බන්දතාවක් පවත්වා ගන්න පුළුවන්.ඒත් ලංකා බෙල් dynamic IP දෙන හැමෝටම Unique IP එකක් ලබා දෙනවා එයාලත් පාරිභෝගිකයන් වැඩි වෙද්දී CGN /LSNභාවිතා කරන්න ඉඩ තියනවා.මේ ඔක්කොටම හේතුව ලෝකයේ IPv4 ලිපින සියල්ලම විකුණා ඇති නිසයි. ARIN සතුව තව ඇත්තේ IP block කිහිපයක් පමණයි.IPv4 භාවිතා කරනු ලබන්නේ 32bit තිස් දෙවනි බලයකි ඒ කියන්නේ ,theoratically  IP Address 4,294,967,296 ගනණක් මේක මදි නිසා තමා 128bit IPv6 ආවේ..මේක්ව්ව් IP ගාන අහන්න එපා.මොකද ලෝකේ ඉන්න හැම සතා සිව්පාවෙක්ටම ip එකක් දෙන්න මේකෙන් පුළුවන්... ආසාව වැඩිකමට ටයිප් කලා වැඩිද මන්දා phone එකෙන් ටයිප් කලේ ඇගිළිත් රිදෙනෝ..😂😂😂

හොද නරක comment කරන්න..

0 comments:

Dark web/Deep web learning


Network Lesson 02
#නිපූ

අන්තර්ජාලය ගැන අපි හැමෝම දන්නවා වගේම පාවිච්චි කරනවනේ ඉතින් කාලයත් එක්ක මිනිසුන්ට ප්‍රශ්නයක් ආවා තමන් අන්තර්ජාලය  තුල සිදු කරන දේවල්  තවත් කෙනෙකුට ලබා ගැනීමට ගැනිමට පුලුවන්ද?අන්තර් ජාලය  100%ක් පෞද්ගලිකත්වය සුරකිනවාද ?1990 ඇමෙරිකානු රජය  මෙය විශාල ගැටලුවක් ලෙස දැක්කේ.ඇමරිකානු නාවික හමුදාවේ සේවය කරන ලද ගණිතඥයින් පිරිසක් (Naval Research Laboratory-NRL)මේකට විසඳුමක් ලෙස අලුත් තාක්ෂණයක් වැනි වූ onion routing ක්‍රමවේදය හඳුන්වා දුන්නා.

Onion Routing කියන තාක්ෂණයෙන් සිදු වන්නේ ලූණු ගෙඩියක් සිවිය තිබෙන ආකාරයටයි.ඒ කියන්නේ අපි මොකක් හරි request එකක් අන්තර්ජාලය හරහා සිදු කලොත් එම request එක අදාල web site එකට යන්නේ විවිධ servers හරහායි.එතකොට අපේ ISP උනත් කොර වෙනවා අපිව track කරනව නම් 😂😂😂මොකද server එකෙන් server එකට අපේ IP එක වෙනස් වෙන නිසා..😂😂

            ---***---

"ප්‍රභවය සහ තොරතුරු ලබා ගන්නා අන්තය ,මධ්‍යස්ථ ස්ථානයකින් ලබා ගැනීමට නොහැකි ක්‍රමයක් නිර්මාණය කළ හැකිද ?" මෙය ඇමරිකාවට ආපු තව ප්‍රශ්නයක්,මෙයට විසඳුමක් ලෙස Overlay Network එක හදුන්වා දුන්නා.overlay Network කියන එක සරලවම කීවොත් එක Network එකක් උඩ තියන තව Network එකක්.

---****---
අප සාමාන්‍යයෙන් භාවිතා කරන අන්තර්ජාලය 1-5% අතර කියලා කලින් දාපු පොස්ට් එකෙන් දැනගන්න ඇතිනේ..deep web එක තමා 95-99% සම්පූර්ණ අන්තර්ජාලය තියෙන්නේ.surf web එකේ internet කියන වචනය වෙනුවට deep web එක තුළ හැදින්වුනේ darknet කියලයි.darknet එකට යන්න බෑ සාමාන්‍ය software එකකින් නැත්නම් web browser එක්කින් යන්න බෑ.
ඒකට වෙනම software එකක් නැත්නම් web browser එකක් ඕනේ.ඒ වගේම අපි යන web site එකට විශේෂ අවසරයක් ඔනේ.ඒ කියන්නේ ඇමරිකානු රජය හදනවා system එකක් සාමාන්‍ය ජනතාවට භාවිතා කරන්න බැරි,අවසරලත් පුද්ගලයන්ට පමණක් භාවිතා කල හැකි network එකක්..
ඊට පස්සේ කාලෙක ඇමරිකානු රජය මේ onion routing system එක ජනසතු කරනවා.මේ deep web එකට යන්න විශේෂිත උන software  එකක් ඕනේ.මේකට NRL එකෙන්ම හදනවා web browser එකක් TOR කියලා.මේක හදන්න අරං තියෙන්නේ Mozilla Firefox එකේ codes මයි.(දැන ළමයෙක් ලීවොත් web browser එක්කට උදාහරණයක් විදියට TOR කියලා තඩි වැරදි දාන්න එපා ඈ 😋😋)
ඕනේ කෙනෙක්ට මේ tor web browser එක හරහා deep web එකට යන්න පුළුවන්..deep web කියන්නේ නීතිවිරෝධී තැනක් නෙමේ.අපි ඕනේ කෙනෙක්ට මේකේ එක එක දෙවල් කරන්න පුළුවන්(පස්සේ වෙනම කියන්නම්)

ඒත් ඕනේම දේක නරක පැත්තක් තියනවනේ,මේක සමාජ ගත කලාට පස්සේ පිස්සු Hackers ලයි,එක  එක විකෘති ආශාවන් තියන මිනිස්සුයි එකතු වෙලා තමන්ගේ නරක වැඩ වලට මේක යොදා ගත්තා.
---*****---
Tor එක භාවිතා කරන එක 100% ක් ආරක්ෂිතද?
ඔව් වගේම නෑ කියන්නත් පුළුවන්.තමන් deep web එකේ භාවිත කරන site අනුව තමා මේක තීරණය වෙන්නේ.

තව විස්තර ඕනේ නම් කියන්න පස්සේ ඉඩ තියන වෙලාවක දාන්නම්..

0 comments:

Download playstore paid apps for free....

Play store එකේ සල්ලි දීල ගන්න තියෙන ඇප් නොමිලේ බාගමු...

අද මමඔයාලට ගෙනාව play store paid ඇප් නිකන් බාගන්න පුළුවන් ඇප් එකක් මේකේ නම Black Mart...මේකේ හැම ඇඔ එකම තියනවද කියල ඔයාලම බලන්නගහරි ඔය පල්ලෙහා තියෙන්නේ ලින්ක් එක.
මෙන්න ඇප් එක ගන්න
Black Mart



හොදනම් comment දාලම යන්න හොදේ...

0 comments: